කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිළධාරීන් විසින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සල අද දින එනම් පොසොන් පොහොය දින කොලොන්න ප්‍රාදේශීය ලේකම්කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වෙන ලදී.

පොසොන් පොහොය නිමිත්තෙන් කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ පිරිත් සජ්ඣායන පින්කම 2019-06-13 වන දින රාත්‍රී 9 සිට 2019-06-14 වන දින පහන් වන තුරු කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්‍යල භූමියේ පැවැත්වුණි. ඉන් අනතුරුව 2019-06-14 වන දින සංඝරත්නය වෙනුවෙන් හීල් දානමය පින්කමක් ද පවත්වන ලදී.

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රට කජු වගාවේ ඵලදාව නෙලීම - ආයතනික පරිසරය අලංකාර කිරීමත්, ඵලදායි නිෂ්පාදනයක් කිරීමත් අරමුනින් කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල භූමියේ විවිධ එළවළු සහ පළතුරු වගා කර ඇත. මෙවැනි බෝග රැසක් අතුරින් රටකජු වගාවේ අස්වැන්න නෙලීම 2019-04-29 දින කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

 

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙසක් අසිරිය - වෙසක් පුන් පොහොය නිමිත්තෙන් කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙසක් කූඩු, බෞද්ධ කොඩි ආදී වූ වෙසක් සැරසිලි රැසකින් අලංකාර වී ඇත. මෙහිදී මෙම සැරසිලි සියල්ල කාර්යාලයේ සේවකයින් විසින් සිදු කිරීමත්, ස්වභාවික අමුද්‍රව්‍ය වැඩිවශයෙන් භාවිතා කිරීමත් විශේෂත්වයකි.

ප්‍රාදේශී්‍ය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් සුභසාධක සංගමයේ සංවිධානයෙන් 2019 අවුරුදු උත්සවය ඉතා සාර්ථකව 2019-04-18 දින කාර්යාලීය පරිශ්‍රයේ දී පැවැත්විණි.

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top