
2023 වර්ෂය සඳහා කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීම ආගමික වතාවත් වතාවත් වලට මුල් තැන දෙමින් කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ විණි. 2023 වර්ෂය සඳහා කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීම ආගමික වතාවත් වතාවත් වලට මුල් තැන දෙමින් කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ විණි.



කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන "SED අළෙවි පියස" මාසික අළෙවි පොළ සමාරම්භක වැඩසටහන සහ පොළ අද ( 2022-10-31) දින , කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ විය.
කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, කොට්ඨාසයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ වූ අතර, විවිධ නිශ්පාදකයන් රැසකගේ නිශ්පාදන රැගත් අළෙවි කුටි රැසක් වැඩසටහනට ඉදිරිපත් කෙරිණි.
ප්‍රදේශයේ ව්‍යවසායකයන්ගේ නිශ්පාදන සදහා අලෙවි අවස්ථා සැළසීම සහ සාධාරණ මිලකට රාජ්‍ය සේවකයන්ට සහ ප්‍රදේශ වාසීන්ට නිශ්පාදන මිලදීගැනීමට අවස්ථාව සළසාදීම මෙම වැඩසටහන සංවිධානය කිරීමේ මූලික අරමුණ යි. ඉදිරියේදී මෙම පොළ මාසිකව පැවැත්වීමට අපේක්ෂා කෙරේ.





















