ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කොලොන්න ප්‍රාදේශීය ලේකම් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැති බැම්ම සහ වැට ඉදිකිරීම යන ව්‍යාපෘතිය සඳහා සුදුසුකම්ලත් ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ. වැඩි විස්තර සඳහා පහත ලිපිය බාගත කරන්න.

ලිපිය මෙතැනින් බාගත කරන්න

avurudu el1

avurudu el2

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමාජ සේවා අංශයේ නිලධාරීන්ගේ සංවිධානයෙන් සහ පළාත් සමාජ සුබසාධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන හා ග්‍රාමීය කමිටු වල සාමාජිකයින් ගේ දායකත්වයෙන් වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත වුවන්ගේ බක් මහ උලෙල 2024.04.24 වන දින කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සාර්ථක ලෙස පවත්වන ලදී.
මෙහිදී බැලුම් පිපිරවීම, වාසනා මුට්ටිය බිදීම, පොල් අතු විවීම, අලියට ඇස තැබීම, තොප්පි මාරු කිර්‍ර්ම, සංගීත පුටු තරගය ආදී ජන ක්‍රීඩා රැසක් පැවැත්වූ අතර මේ සඳහා දායකත්වය දැක්වූ, සහයෝගය හා සහභාගිත්වය ලබා දුන් සියලුම දෙනා වෙත කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවිධායක මණ්ඩලයේ ප්‍රණාමය...

float new ds 1

 කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභිනව ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස තුෂාරි ප්‍රියංකා වීරසිංහ මහත්මිය අද දින (2024-02-20) වැඩ අරඹන ලදී.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරු කිහිපයක්ම හොබවා ඇති එතුමිය ප්‍රාදේශීය පරිපාලනය තුළ වසර 11 ක පමණ අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරිනියකි.
කොලොන්න ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගැනීමට පෙර එතුමිය දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන ලදී.
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද රාජකාරී කටයුතු ඇරඹි එතුමිය වෙනුවෙන් චාම් උත්සව සභාවක්ද පැවැත්විණි.
කොලොන්න කොට්ඨාශයේ සමස්ත ප්‍රජාව වෙත උසස් සේවාවක් ලබා දෙමින් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට එතුමියට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා....!

gopl2024 11

gopl2024 21

 සිංහාවලෝකනය.......

GOPL Kolonna 2024

සුහද ක්‍රිකට් තරගාවලිය 2024.03.23 දින කොලොන්න මහජන ක්‍රීඩාංගණයේදී අතිසාර්ථකව පැවැත්වීමට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය සුබසාධක සංගමයේ ක්‍රීඩා අනුකමිටුවට හැකි විය. කොලොන්න කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලයේ ඒකාබද්ධ කණ්ඩායම පිරිමි ශූරතාවය දිනාගත් අතර විදුලිබල මණ්ඩල A කණ්ඩායම අනුශූරයන් බවට පත්විය. කාන්තා ශූරතාවය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කණ්ඩායමත් අනුශූරතාවය කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලයීය ඒකාබද්ධ කණ්ඩායමත් දිනාගන්නා ලදි.

කොට්ඨාසයේ සියලු ආයතන අතර සුහදතාව වර්ධනය කර ගැනීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද මෙම තරගාවලියට කොලොන්න මූලික රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය, කොලොන්න පොලීසිය, ප්‍රාදේශීය සභාව, කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය, විදුලිබල මණ්ඩලය හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය කණ්ඩායම් ඉදිරිපත් කළ අතර රාජ්‍ය බැංකු ඒකබද්ධ කණ්ඩයමක් ද ඉදිරිපත් විය.

GOPL කුසලාන ක්‍රිකට් තරගාවලිය වාර්ශිකව පැවැත්වීමට අපේක්ෂා කරන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා කොලොන්න රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය ස්ථාපිත කිරීම මගින් තවත් බොහෝ දෑ කිරීමට අදහස් කරයි.
මේ සඳහා දායකත්වය දැක්වූ, සහයෝගය හා සහභාගිත්වය ලබා දුන් සියලුම දෙනා වෙත කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය සුබසාධක සංගමයේ ක්‍රීඩා අනුකමිටුවේ ප්‍රණාමය.....

Polish 20240212 130111365 1
 
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස 2017 වසරේ සිට මේ දක්වා වසර 06කට අධික කාලයක් රාජකාරි කටයුතු කළ අමිල විජේරත්න මහතා ධූරයෙන් සමුගැනීම වෙනුවෙන් පැවැත් වූ හරසර උළෙල ඊයේ (2024.02.02) දින කාර්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණ.
 
2023.09.21 දින රත්නපුර දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස රාජකාරි ආරම්භ කිරීමෙන් පසු කොලොන්න ප්‍රාදේශීය ලේකම් ධූරයෙරි වැඩ බැලීම ද ඔහු විසින් මේ දක්වා සිදු කරන ලදි.
 
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභාත් වීරකෝන් මහතාගේ මගපෙන්වීම යටතේ කාර්‍ය්මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම අවස්ථාවට කොලොන්න ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී කුඹුරුගමුවේ ඉන්දසාර හිමිපාණන් වහන්සේ, කොලොන්න මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ , විදුලි අධිකාරී, කොලොන්න සහ සූරියකන්ද පොලිස්ථානවල ස්ථානාධිපතිවරුන්, කොලොන්න ප්‍රාදේශීය සභා ලේකම්, ලංකා බැංකු කොලොන්න ශාඛාවේ කළමනාකරු, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කොලොන්න ශාඛාවේ කළමනාකරු, රෙජිස්ට්‍රාර්වරු, ස්වේච්ඡා සංවිධාන නායකයින් ඇතුළු සම්භාවනීය ආරාධිත‍යින් පිරිසක් සහභාගි විය.  
 
මෙම අවස්ථාව සැමරීම හා ජාතික රුක්රෝපන දිනය අරමුණු කරගනිමින් ඖෂධ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලද අතර, පරිසර සංරක්ෂණය සඳහා කළ කැපවීම අගයනු වස් උත්සව සභාවේ පහන විශේෂ නිර්මාණාත්මක ආකෘතියක් යටතේ සකසා තිබූණි. නැටුම් ගැයුම්වලින් ද මෙම අවස්ථාව විචිත්‍රවත් විය.

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top