සාම්ප්‍රධායික කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් එකතුව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද දින (2020-06-29)කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබුවා.
කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ හමුවේදී ප්‍රදේශයේ කිතුල් කාර්මිකයන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සහ කිතුල් කර්මාන්තයේ හෙට දවස පිළිබඳව කිතුල් කාර්මිකයන්ගේ අදහස් විමසීමට ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් වැඩි අවස්තාවක් ලබාදෙනු ලැබුවා.
මෙහිදී තෝරාගත් ව්‍යවසායකයන් සඳහා තම කර්මාන්තයේ ඉදිරි කටයුතු සඳහා මුල්‍ය ප්‍රදානයන් ද සිදු කරනු ලැබුවා.මේ අවස්තාවට ප්‍රාදේශීය ලේකම්තුමන් ,සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ගාමිණි ජයවර්ධන මහතා,සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරී PW හේමන්ත මහතාද සහභාගී වූ අතර වැඩසටහන සංවිධානය කලේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් විසිනි.

නව කොරෝනා රෝග තත්ත්වය (COVID-19) පිළිබඳ කාලීන තොරතුරු දැන ගැනීම සඳහා  සෞඛ්‍ය අමාත්‍යංශයේ  වසංගත රෝග විද්‍යා අංශයේ  නිල වෙබ් අඩවිය ( http://www.epid.gov.lk) වෙත පිවිසෙන්න.

website icon png blue 14 http://www.epid.gov.lk

twitter 3 logo png transparent https://twitter.com/HPBSriLanka

facebook icon transparent background 3 https://www.facebook.com/hpbsrilanka/

pdf icon නව කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් වෙමු

රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් රැකියා නියුක්ත කිරීම සඳහා වන අයදුම් පත්‍රය

>>> අයදුම් පත්‍රය මෙතනින් බාගත කරන්න (Download the application here [PDF 327KB])

පළාත් සංස්කෘතික අමාත්‍යංශය සහ ජාතික ඒකාබද්ධතාවය හා ප්‍රතිසංධාන අංශයේ අනුග්‍රහය යටතේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද තෛපොංගල් උත්සවය 2020.02.06 දින එග්බර්ත් විද්‍යාලයේදී පවත්වන ලදී.

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණුව ලැබීම සඳහා අයදුම් පත්‍රය

 >> අයදුම් පත්‍රය මෙතනින් බාගත කරන්න (Download the application here [PDF 143KB])

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top