ඔන්ලයින් වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට භාවිතා කළ යුතු මූලික පියවර

  1. Online Vehicle Revenue Licence Service - ERL වෙත පිවිසෙන්න. Login තෝරා ගන්න.

        e4

           2. Login with Google තෝරා ගන්න. ඔබගේ gmail ගිණුම භාවිතා කර ඉදිරියට යන්න.

           e6

           3. Renew License තෝරාගන්න

           e7

               4. ඉන් පසු ඔබගේ වාහනයට අදාල තොරතුරු භාවිතයෙන් ඉදිරියට යන්න.ඔබේ පළාත, වාහන අංකය, පසුගිය වසරේ බලපත්‍ර අංකය, චැසි අංකය ඇතුළත්කර වාහනය හිමිකරුගේ නම හා ලිපිනය නිවැරදි දැයි පරීක්ෂා කර බලන්න.

               5. වායු විමෝචන සහතිකය නිකුත් කළ ආයතනය හා රක්ෂණ සමාගම නිවැරදිව තෝරා එය ස්ථිර කරන්න. (Verify)

               6. සියළු තොරතුරු නිවැරදිව ඔබ ඇතුළත් කිරීමෙන් පසු ගෙවීම් පද්ධතිය වෙත යොමු කරන අතර එහිදී ඕනෑම ක්‍රෙඩිට් කාඩ් පතකින් හෝ අන්තර්ජාලයෙහි ගණුදෙණු කළ හැකි ඩෙබිට් කාඩ් පතකින් අදාල මුදල ගෙවිය හැක.

               7. ගෙවීම තහවුරු වූ පසු මුද්‍රණය කරගත හැකි තාවකාලික බලපත්‍රයක් (දින 14ක් වලංගු) ඊ-මේල් මගින් එවෙලේම ලැබෙන අතර වලංගු බලපත්‍රය දින 07ක් ඇතුළත (සාමාන්‍ය තත්ත්ව යටතේ) ලියාපදිංචි තැපෑලෙන් වාහනය හිමිකරුගේ ලිපිනයට ලැබෙනු ඇත.

               වැඩි විස්තර සඳහා 1919 (රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය) අමතන්න.

 

 

 

Scroll To Top