අපේ දැක්ම
විශිෂ්ට සේවා සැපයීම තුළින් සේවාලාභීන් තෘප්තිමත් කිරීම අපගේ දැක්ම වේ.අපේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීමත් සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුතු කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලිය තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම අපගේ මෙහෙවර වන්නේය.හැඳින්වීම
පළාත - සබරගමුව
දිස්ත්‍රික්කය - රත්නපුර
දේශගුණික තත්වය - තෙත් හා අන්තර් මධ්‍ය දේශගුණය
භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 204
ජනගහනය - 53548
අයත්වන ප්‍රදේශය - කොලොන්න කෝරලේ කොලොන්න ගම් පත්තුව සහ දියපොට ගම් පත්තුව
කාර්යාලයේ ආරම්භය - 1949.07.01 ප්‍රාදේශිය ආදායම් නිලධාරි කාර්යාලයක් ලෙස
දුරකථන අංකය - ( 0452260238 )
ෆැක්ස් අංකය - ( 0452260237 )
වෙබ් ලිපිනය - www.kolonna.ds.gov.lk
රත්නපුර දිස්ත්‍රික්කයේ ගිණිකොන දිග කෙලවරේ පිහිටා ඇති කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කුඩා ගම්මාන 144 කින් හා ග්‍රාම නිලධාරි වසම් 29 කින් සමන්විත වේ. දේශගුණික වශයෙන් තෙත් හා අන්තර් මධ්‍ය කලාපයට අයත්ය. කොට්ඨාසයේ බටහිර මායිමේ සිංහරාජ වනාන්තරය පිහිටා ඇති අතර ඒ ආශ්‍රිතව ආරම්භ වන ඇරෑපෝරුව ගඟ මෙම කොට්ඨාසය හරහා යන ප්‍රධාන ගංගාවක් ද වේ. මීට අමතරව ප්‍රධන ගංගාවක් ලෙස වෙලේවතු ගග හා හුලංදා ඔය හැදින්වීමට පුළුවන. එසේම දකුණු පළාතේ මාතර හා ගාල්ල දිස්ත්‍රික්කය හරහා ගලායන ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගා 02 ක් වන ගිංගගේ හා නිල්වලා ගගේ ආරම්භක දිය බෙත්ම මෙම කොට්ඨාසයට අයත් වන ගොංගල කදු ශිඛරයයි.
ඓතිහාසික වශයෙන් වැදගත් වන මඩුවන්වෙල වලව්වත්, ස්වභාවික පරිසරයේ දායාදයන් වන වවුල්පන හුණුගල් ගුහාවත් නිසා මෙම ප්‍රදේශය මෙරට පමණක් නොව දෙස් විදෙස් පවා අවධානයට ලක් වි ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලින් එකක් ලෙස සැලකෙන කොලොන්න කොට්ඨාසයේ හුදකලා වුවකි. රත්නපුර නගරයේ සිට කි.මී 106 පමණ දුරකින් පිහිටා ඇත. කොට්ඨාසයේ ජනතාව මේ වන විට නවීන තාක්ෂණික මෙවලම් සමග ගැටෙමින් ජාතික නිෂ්පාදනය වැඩි කිරිමට උරදෙමින් සිටී. එසේම උල්ලිදූවාව, බොරළුවගේඅයින, බුත්කන්ද, ඉත්තකන්ද, බුළුතොට, රංහොටිකන්ද, හේනැග්ගේගොඩ, කොප්පකන්ද, දාපනේ, මොරවාඩිය යන වසම් වල තේ වගාව සාර්ථකව සිදු කරන අතර අනෙකුත් වසම් වල සුළු අපනයන භෝග වන කුරුදූ හා ගම්මිරිස් වගාව සාර්ථකව සිදූ කෙරේ. කොලොන්න, මඩුවන්වෙල, නන්දනගම, ඇරෑපෝරුව යන වසම් වල සුළු අපනයන බෝග වගාවට අමතරව කුඹුරු වගාව ද සිදු කෙරේ. බොහෝ පිරිසකගේ ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මායිම / වසම් මායිම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිතියම















