"සහභාගිත්ව ගැමි ප්‍රවේශය තුලින් තිරසාර භුමි භාවිතය සඳහා ක්ෂුද්‍ර ජල පෝෂක මට්ටමින් ඉඩම් පරිහරණය සැලසුම් කිරීම" පිළිබඳව වැඩසටහනේ පළමු අදියර 2022-06-02 දින බුත්කන්ද බෝධි රුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්වුනා."සහභාගිත්ව ගැමි ප්‍රවේශය තුලින් තිරසාර භුමි භාවිතය සඳහා ක්ෂුද්‍ර ජල පෝෂක මට්ටමින් ඉඩම් පරිහරණය සැලසුම් කිරීම" පිළිබඳව වැඩසටහනේ පළමු අදියර 2022-06-02 දින බුත්කන්ද බෝධි රුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්වුනා.කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරිනී දිනේශිකා මීගස්තැන්න මහත්මිය සහ බුත්කන්ද වසමේ ග්‍රාම නිලධාරී ,සමුර්ධි සංවර්ධන නිලධාරී ,ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවා.කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ උපදෙස් පරිදි කොලොන්න සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභාත් වීරකෝන් මහතා , රත්නපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉඩම් පරිහරණ සැලසුම් සනත් පත්මකුමාර මහතා ,ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී ප්‍රේමරත්න මහතා ,ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී චම්පිකා මහත්මිය මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර වැඩසටහන බුත්කන්ද වසමට ලබාගැනීම තුලින් ලැබෙන වාසි සහ මෙම වැඩසටහනේ වැදගත් කම පිළිබඳව කොලොන්න සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන් සහ සහකාර අධ්‍යක්ෂ තුමා විසින් පැහැදිලි කිරීමෙන් අනතුරුව වැඩසටහනට පැමිණ සිටි ක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශයේ ඉඩම් පිහිටා ඇති ප්‍රදේශවාසීන්ට තිබෙන ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වුනා.මෙහිදී ඉදිරිපත් වූ ගැටළු විසඳීම සඳහා අදාළ නිලධාරීන්/පාර්ශවයන් සහභාගී කරවමින් ඉදිරියේදී සහාගීත්ව ගැම් ප්‍රවේශයේ දෙවන අදියර පැවැත්වීමේ එකඟතාව මත මෙම වැඩසටහන සාර්ථකව අවසන් කරනු ලැබුවා.

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, උල්ලිඳුවාව ග්‍රාම නිලධාරී වසමේ, ගිං ගඟ ජල පෝෂක කලාපයේ රුක් රෝපණ ව්‍යාපෘතියක් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් පත්වාගෙන එන ලදී. ඒ අනුව 74 වන නිදහස් දිනයට සමගාමීව මෙහි තව දුරටත් ඉතිරිව තිබූ භුමි ප්‍රදේශයන් තුල රුක් රෝපණය කර අවසන් කිරීමේ සුවිශේෂී අවස්ථාව 2022.02.10 දින කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ ආරාධනයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් උල්ලිඳුවාව ගිං ගඟ අසලදී පැවැත්විණි.
කොලොන්න ප්‍රාදේශීය ලේකම්තුමාගේ මුලිකත්වයෙන් 2019 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය තුළින් මේ වන විට පුවක්, රඹුටන්, කටු අනෝදා, මී, කුඹුක්, වෙරළු, නා, කොස්, ඉඹුල්, දොඹ, තිඹිරි වැනි ශාක 7000 කට වැඩි ප්‍රමාණයක් රෝපණය කර ඇත. රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන මෙන්ම පරිසරයට ආදරය කරන විවිධ ස්වෙච්චා කණ්ඩායම් වලද සහයෝගය සහිතව ඉදිරියට පවත්වාගෙන ආ මෙම වැඩසටහන, රුක් රෝපණයට පමණක් සීමා නෙවෙමින් රෝපණ කල පැළ, ඵල දරන ශාක බවට පත් වන තෙක් රැක බලා ගැනීමටද කටයුතු කර ඇත.
කොලොන්න ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රමුඛ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙන්ම මේ සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කල සියලු දෙනා රත්නපුර දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් බෙහෙවින්ම අගය කළාය. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් සහභාගී විය.
කොලොන්න කොට්ඨාශයයේ සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ (2021 මැයි මස සිට) ජංගම වෙළඳාම සඳහා අවසර ලබා දී ඇති වෙළඳුන්ගේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න.
http://www.kolonna.ds.gov.lk/index.php/si/covid-19-info/essential-services.html



















