2023 01 02 news img 1

2023 වර්ෂය සඳහා කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීම ආගමික වතාවත් වතාවත් වලට මුල් තැන දෙමින් කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ විණි. 2023 වර්ෂය සඳහා කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීම ආගමික වතාවත් වතාවත් වලට මුල් තැන දෙමින් කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ විණි.

 
 
2022 10 27 img 3
 
 
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කොලොන්න සුරියකන්ද මාර්ගයේ ජඳුර සිට නවනැලිය දක්වා මාර්ගය සංවර්ධනය කර ඇති කොටසේ දෙපස රුක්රෝපණය කිරීමේ වැඩසටහන 2022-10-26 දින කොලොන්න ප්‍රාදේශීය ලේකම්තුමා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඇඹිලිපිටිය විධායක ඉංජිනේරුතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවිනි.
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.
මාර්ගයට මායිම් වන කුඹුර ආශිතව මී පැළත් මාර්ගය දෙපස කොට්ටම්බා පැළ සහ නා පැළ ඇතුළු පැළ රෝපණය කිරීම සහ ඒවා රැකබලාගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

sed 2022 10 31 img1

sed 2022 10 31 img2

 

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන "SED අළෙවි පියස" මාසික අළෙවි පොළ සමාරම්භක වැඩසටහන සහ පොළ අද ( 2022-10-31) දින , කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ විය.

කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, කොට්ඨාසයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ වූ අතර, විවිධ නිශ්පාදකයන් රැසකගේ නිශ්පාදන රැගත් අළෙවි කුටි රැසක් වැඩසටහනට ඉදිරිපත් කෙරිණි.

ප්‍රදේශයේ ව්‍යවසායකයන්ගේ නිශ්පාදන සදහා අලෙවි අවස්ථා සැළසීම සහ සාධාරණ මිලකට රාජ්‍ය සේවකයන්ට සහ ප්‍රදේශ වාසීන්ට නිශ්පාදන මිලදීගැනීමට අවස්ථාව සළසාදීම මෙම වැඩසටහන සංවිධානය කිරීමේ මූලික අරමුණ යි. ඉදිරියේදී මෙම පොළ මාසිකව පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

Web 09.20 1

Web 20.09 2

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2020-2022 ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.එම්.පී.එම් වීරකෝන් මහතාගේ  ප්‍රධානත්වයෙන් 2022.09.20 දින කොලොන්න ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
මෙහිදී 2020  සහ 2021 වර්ෂවල ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් සාහිත්‍ය තරඟ සදහා ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබු ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 37 සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුවූ අතර සංස්කෘතික සහ කලා අංග රැසකින් උත්සව සභාව වර්ණවත් කෙරිණි.

உட்பிரிவுகள்

குடியுரிமை சாசனம்

Scroll To Top