කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ලෙස වසර පහකට වඩා වැඩි කාලයක් සේවය කිරීමෙන් අනතුරුව කල්තොට ප්‍රාදේශීය ලේකම් තුමිය ලෙස උසස්වීමක් සමඟ ස්ථානමාරු ලැබූ නිලන්ති වීරසුරිය මහත්මිය  කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමුගැනීමේ උත්සවය 2021-03-03 දින කොලොන්න  ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මගුල් බෙර වාදන මැද හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය උත්සව භුමිය වෙත කැඳවාගෙන ඒමෙන් අනතුරුව සෙත්පිරිත් සජ්ඣායනා මැද සමුගැනීමේ උත්සව සභාව ආරම්භ කරන ලදී
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමුර්ධි සංවර්ධන අංශයේ ව්‍යාපෘති කළමනාකරු ප්‍රසන්න මහතා සහ උපදේශන නිලධාරී අනුෂා මහත්මියද ස්ථානමාරු ලබා කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සමු දීමේ අවස්ථාවද මේ සමඟ පවත්වන ලදී.
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ජනතාවගේ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලයේ ගෞරවයට සහ ආදරයට පාත්‍රවෙමින් රාජකාරි කටයුතු සිදුකල සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ රාජකාරි ජීවිතයේ මතකයන් ස්මරණය කිරීම සහ එතුමියගේ නව  තනතුර  සඳහා සුබ පැතුම් එකතු කිරීමද සමුගැනීමේ උත්සවයේදී සිදු කරන ලදී.

குடியுரிமை சாசனம்

Scroll To Top