සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට පසු කාර්යාලීය කටයුතු ඉතා උත්කර්ශවත් අන්දමින් ආරම්භ කෙරිණි.
2019-04-15 දිනට යෙදී තිබූ නැකතට පැල සිටුවීම සිහිපත් කරමින් පැල රෝපණය කිරීම ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් 2019-04-17 දින ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි.
2019.03.16 දින පිණ්ඩපාත දානමය පිංකම කොලොන්න ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය, ප්‍රාදේශීය සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව කොලොන්න ප්‍රාදේශීය සභාව අසලින් පටන් ගෙන නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය දක්වා ගරු ස්වාමීන් වහන්සේලා වැඩම කිරීම සිදු විය.
රත්නපුර මහ දිසාපති මාලනී ලොකුපෝතගම මැතිනියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රැස්වීම 2019-04-05 වන දින කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. මෙම රැස්වීම සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි විය. ඊට අමතරව ඔවුන් විසින් ආයතනික නිරීක්ෂණයක් ද සිදුකරන ලදී.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් නව්‍යකරණය කිරීමේ වැඩපිළි වෙල යටතේ ජාතික මහෝත්සවයක් 2019 මාර්තු මස 16 වැනි සෙනසුරාදා පෙ.ව. 9.30ට බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දී ගරු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.



















