ලෝක කාන්තා දින සැමරුම වෙනුවෙන් කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ වැඩසටහන 2019-03-08 දින හෙළඋඩකන්ද වසමේදී පැවැත්විණි.
දෙමළ භාෂා ප්‍රවීණතාවය ලබාදීමේ අරමුණින් දෙමළ භාෂා පුහුණු වැඩමුළුවක් කොලොන්න ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඒකාබද්ධතා නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් රාජ්‍ය භාෂා හා පුහුණු ආයතනයේ සම්පත් දායකත්වයෙන් මඩුවන්වෙල සාරාණන්ද විද්‍යාලයේ දී 2018-12-01- සිට 2018-12-12 දක්වා දින 12ක් පැවැත්විණි. මේ සඳහා පාසල් ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයකම නිලධාරීන් 102ක් පමණ සහභාගි විය.
තෛපෝංගල් දින සැමරුම් උත්සවය සංකෘතික නිලධාරීගේ, ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරකගේ සහ වැවිලි ප්‍රජා සම්බන්ධීකාරකගේ සංවිධානයෙන් එග්බර්ත්වත්ත දෙමළ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිගේ සහ එම විද්‍යාලයේ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
2018 වර්ෂයේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති පිළිබඳ සාරාංශ වාර්තාවක් මෙහි දිස්වේ. මේ තුළින් කොට්ඨාසයේ ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව, අනුමත මුදල ආදී විස්තර දැක ගත හැක.
| වැඩසටහන | ව්‍යාපෘති සංඛ්‍යාව | අනුමත මුදල | වියදම | ඇස්තමේන්තු කටයුතු/ ගිවිසුම් කටයුතු/මිල කැදවීම් | වැඩ අවසන් සංඛ්‍යාව | ක්‍රියාත්මක/ඇණවුම්කර ඇති | ගිවිසුම් අත්සන්කර ඇති/ මිලගණන් ලැබී ඇති | |
| 1 | විමධ්‍යගත අයවැය වැඩසටහන | 24 | 2,840,000.00 | 1,900,145.36 | 16 | 6 | 2 | |
| ඉදිකිරීම් 11 | භාණ්ඩ මිලදී ගැනීම් 13 | |||||||
| 2 | යටිතල පහසුකම් විශේෂ වැඩසටහන | 29 | 32,546,482.33 | 6,927,226.25 | 2 | 23 | 1 | 3 |
| 3 | ග්‍රාමීය යටිතල පහසුකම් විශේෂ වැඩසටහන | 2 | 2,000,000.00 | 2 | 0 | 0 | 0 | |
| 4 | ගම්පෙරළිය වැඩසටහන | 20 | 12,300,000.00 | 4 | 8 | 0 | 8 | |
| 5 | සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන හා සිහිලැල් දැහැන අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන | 4 | 1,600,000.00 | 293,810.76 | 0 | 2 | 0 | 2 |
| 6 | ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන | 2 | 900,000.00 | 0 | 2 | 0 | 0 | |
| 7 | පසුගාමී ප්‍රදේශ සංවර්ධන වැඩසටහන | 1 | 1,400,000.00 | 1 | 0 | 0 | 0 | |
| 8 | ආගමික මධ්‍යස්ථාන සංවර්ධන වැඩසටහන | 7 | 3,900,000.00 | 1,374,045.56 | 0 | 5 | 2 | 0 |
| 9 | පළාත් අමාත්‍යංශ ව්‍යාපෘති | 6 | 7,250,612.17 | 3,151,296.40 | 1 | 3 | 1 | 1 |
| 10 | සමෘද්ධි ප්‍රතිලාභීන් ජීවත්වන දුෂ්කර ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම | 3 | 6,000,000.00 | 3 | ||||
| එකකුව | 98 | 67,897,094.50 | 11,746,378.97 | 13 | 59 | 10 | 16 | |




















