දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය මගින් ලබා දෙන සේවාවන්
- උප්පැන්න / විවාහ / මරණ සහතිකවල සහතික පිටපත් ලබා දීම
- උපත් ලියාපදිංචි කිරීම
- උප්පැන්න / විවාහ(උඩරට) / මරණ සහතික සංශෝධනය කිරීම
- මරණ ලියාපදිංචි කිරීම
- විවාහ ලියාපදිංචි කිරිම
- උඩරට විවාහ දික්කසාද අයදුම්පත්‍ර මත කටයුතු කිරීම
- අනුමාන වයස් සහතික නිකුත් කිරීම
උප්පැන්න / විවාහ / මරණ සහතිකවල සහතික පිටපත් ලබා දීම
උප්පැන්න / විවාහ / මරණ සහතික පිටපත් ලබා ගැනිමට සඳහා අයකරන ගාස්තු ප්‍රමාණයන්
- අදාල සහතිකයේ ලියාපදිංචි අංකය හා ලියාපදිංචි කල දිනය ලබා දෙන්නේ නම් එක් පිටපතකට රු : 120.00
- අදාල සහතිකයේ ලියාපදිංචි අංකය හා ලියාපදිංචි කල දිනය ලබා නොදෙන්නේ නම් පලමු පිටපතට රු : 250.00 ක් හා වැඩි වන සෑම පිටපතකටම රු : 120.00 බැගින්
උපත් ලියාපදිංචි කිරීම
නිවසේදී සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
| නිවසේදී සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම | 1. උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න. |
| 2. ග්‍රාම නිලධාරී විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ. | |
| 3. උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. | |
| 4. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දෙන්න. | |
| 5. ප්‍රකාශය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබා ගත හැක. | |
|
6. දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
|
|
| 7. උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත කොට්ඨාශයේ රෙජිස්ටාර්වරයා ලවා ලියාපදිංචි කරවා ගත හැක. | |
| 8. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න. | |
| 9. ගාස්තු |
පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
| පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම | 1. උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. |
| 2.උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න. | |
3. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
|
|
|
4. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න. |
|
| 5.ඉදිරිපත් කළයුතු ලියවිලි | |
| I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය | |
| II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව | |
| උපතක් මාස 03 ක කාලයක් තුළ නොමිලේ ලියාපදිංචි කළ හැකිය. | |
| උප්පැන්න සහතිකයේ පිටපතක් තොරතුරු සපයන්නාට නොමිලේ නිකුත් කෙරේ. |
ග්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
| ග්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම | 1. උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්නහා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. |
| 2. උපත සිදු වූයේ ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න. | |
|
3. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
|
|
| 4. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.(16 වැනි වගන්ති ප්‍රකාශ පත්‍රය) ඉදිරිපත් කළයුතු ලියවිලි I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තා. |
|
| උපතක් මාස 03 ක කාලයක් තුළ නොමිලේ ලියාපදිංචි කළ හැකිය. | |
| දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ. |
මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
| මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම | 1. උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාට දැනම් දෙන්න. |
| 2. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්, I. පියා II. මව III. දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන් IV. දරුවා භාරව සිටින පුද්ගලයන් V. රෝහලේ වෛද්‍ය නිලධාරී |
|
| 3. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න. ඉදිරිපත් කළයුතු ලියවිලි, I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව |
|
| උපතක් මාස 03 ක කාලයක් තුළ නොමිලේ ලියාපදිංචි කළ හැකිය. | |
| දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ. |
උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් ලබා ගැනීම
අයදුම්පත මෙතැනින් බාගත කරන්න
| උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් ලබා ගැනීම | 1. උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. |
| 2. අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ති‍්‍රක් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක. | |
| 3. අයකරනු ලබන ගාස්තු, I.උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.120.00 II. උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්යං වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.250.00 |
|
| 3. අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයට ගෙවන්න. | |
| 4. සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශී ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න. | |
| 5. උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න. | |
| 6. උපත ලියාපදිංචි වී තිබේ නම්, උප්පැන්න සහතිකයක් යවනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ. | |
| 7. එක් ඉල්ලුම්පත්රයකින් පිටපත් ඕනෑම සංඛ්‍යාවක් ලබාගත හැකිය(චක්‍රලේක අංක-02/2012) |
24 වගන්තිය යටතේ කල් ගතවු උපතක් ලියාපදිංචි කිරිම
උපතක් සිදුව මාස 3කට වඩා කල් ගත වුවද එය ලියාපදිංචි කරවාගෙන නොමැති නම් පහත සඳහන් ලියකියවිලි සම්පූර්ණ කර අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් වෙත ඉදිරිපත් කර එම උපත ලියාපදිංචි කරවාගත හැකිය.
- ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අදාළ අයදුම්පත (මෙම කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මගින් අයදුම්පත ලබාගත හැකිය)
- උපත ලියා පදිංචි වී නොමැති බවට හිස් ප්‍රතිඵල ලේඛනය
- ළමයාගේ දෙමාපියන්ගේ විවාහ සහතිකය
- අදාල ළමයාට වැඩිමහල් හා බාල දරුවන්ගේ උප්පැන්න සහතික
- උපන් ස්ථානය පිළිබඳ ලිඛිත සාක්ෂි (රෝහල් උපත් වාර්තාව / ග්‍රාම නිළධාරීඋපත් වාර්තාව / වතු උපත් වාර්තාව)
- සෞඛ්‍ය වර්ධන සටහන
- පාසල් ඇතුලත් කිරීමේ ලේඛනය / ශිෂ්‍ය කාර්ය දර්ශකය
- උපන් දිනය සහතික කළහැකි වෙනත් ලියවිලි
- ග්‍රාම නිලධාරී වාර්තාව
- මව්පියන්ගේ උප්පැන්න හා පුද්ගල හැඳුනුම්පත්
- උපන් දිනය දන්නා බව ප්‍රකාශ කරන වගකිව යුතු දිවුරුම් ප්‍රකාශයක්.
( ඉහත සියලුම සහතිකවල මුල් පිටපත් හා සහතික කල පිටපත් සමග)ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු. 50.00
උප්පැන්න / විවාහ(උඩරට) / මරණ සහතික සංශෝධනය කිරීම
උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම
| උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම | 01. උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක, I. 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය) II. 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය) III. 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.) IV. 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය. |
| 02. ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න. | |
| 03. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ, I. උප්පැන්නය හිමි තැනැත්තා II. පියා හෝ මව III. නීත්‍යානූකුල භාරකරු IV. උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු |
|
| 04. ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු ගාස්තුව රු. 50.00 කි. | |
| 05. ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න. | |
| 06. ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීමලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ. I. මව්පියන්ගේ විවාහ සහතිකය II. දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය III. පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය IV. මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක් V. විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය VI. ආරෝග්‍යශාලා, මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත් VII. ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය VIII. විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක් IX. පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය |
27 වගන්තිය යටතේ නම වෙනස් කිරීම
වයස අවු. 07 ට අඩු දරුවෙකුගේ
- ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අදාළ අයදුම්පත (මෙම කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මගින් අයදුම්පත ලබාගත හැකිය)
- අදාල උප්පැන්න සහතිකය
- ඉල්ලුම්කරුගේ දිවුරුම් ප්‍රකාශය
- දරුවාගේ මව්පියන්ගේ විවාහ සහතිකය
(ඉහත සියලුම සහතිකවල මුල් පිටපත් හා සහතික කල පිටපත් සමග)
වයස අවු. 07ත් 21ත් අතර අයෙකුගේ
ඉහත දක්වා ඇති ලිපි ලේඛන වලට අමතරව
- ග්‍රාම නිලධාරී නිර්දේශය
- යෝජිත නම භාවිතාකර ඇති බවට පිළිගත හැකි ලිඛිත සාක්ෂි
පාසල් ඇතුලත් කිරීමේ ලේඛනය / ශිෂ්‍ය කාර්ය දර්ශකය
බැංකු පොත්
අධ්‍යාපන සහතික
ඔප්පු
දැනටමත් ඡන්දය හිමි අයෙකුනම් ඡන්ද නාම ලේඛනයේ උදෘතයක්
වෙනත් ලිඛිත සාක්ෂි
( ඉහත සියලුම සහතිකවල මුල් පිටපත් හා සහතික කල පිටපත් සමග)
- ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු. 50.00
වයස අවු. 21 ට වැඩි අයෙකුගේ
- ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අදාළ අයදුම්පත (මෙම කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මගින් අයදුම්පත ලබාගත හැකිය)
- අදාල උප්පැන්න සහතිකය
- දිවුරුම් ප්‍රකාශය
- ග්‍රාම නිලධාරී වාර්තාව
- පුවත්පත් දැන්විම
- ඡන්ද නාම ලේඛනයේ උදෘතයක්
- ජාතික හැඳුනුම්පත
- වසරකට වඩා වැඩි කාලයක් යෝජිත නම භාවිතා කළ බව තහවුරු කලහැකි ලිඛිත සාක්ෂි
පාසල් ඇතුලත් කිරීමේ ලේඛනය / ශිෂ්‍ය කාර්ය දර්ශකය
විවාහ සහතිකය
දරුවන්ගේ උප්පැන්න සහතික
බැංකු පොත්
විදුලි බිල්පත්‍ර, ජල බිල්පත්‍ර
ඔප්පු
අධ්‍යාපන සහතික
වෙනත් ලිඛිත සාක්ෂි
( ඉහත සියලුම සහතිකවල මුල් පිටපත් හා සහතික කල පිටපත් සමග)
- ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු. 50.00
27(ආ) වගන්තිය යටතේ පියාගේ තොරතුරු වෙනස් කිරීම
(4.6.7 තීරයන්)
- ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අදාළ අයදුම්පත (මෙම කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මගින් අයදුම්පත ලබාගත හැකිය)
- අදාල උප්පැන්න සහතිකය
- පියාගේ උප්පැන්න සහතිකය (අත්‍යවශ්‍ය වේ)
- පියාගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
- පියාගේ නමට ග්‍රාම නිළධාරී සහතිකය
- දිවුරුම් ප්‍රකාශය
- දෙමාපියන්ගේ විවාහ සහතිකය
( ඉහත සියලුම සහතිකවල මුල් පිටපත් හා සහතික කල පිටපත් සමග)
ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු. 50.00
52(1) මවගේ තොරතුරු වෙනස් කිරීම
- ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අදාළ අයදුම්පත (මෙම කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මගින් අයදුම්පත ලබාගත හැකිය)
- අදාල උප්පැන්න සහතිකය
- මවගේ උප්පැන්න සහතිකය
- රෝහල් උපත් වාර්තාව
- මවගේ ජාතික හැදුනුමිපතේ පිටපතක්
- ග්‍රාම නිලධාරී සහතිකය
- දිවුරුම් ප්‍රකාශය
( ඉහත සියලුම සහතිකවල මුල් පිටපත් හා සහතික කල පිටපත් සමග)
ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු. 50.00
මරණ ලියාපදිංචි කිරීම
නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
1.මරණය සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
2.ග්‍රාම නිලධාරී විසින් මරණය පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
3.මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. මරණ ප්‍රකාශය රෙජිස්ට්‍රාර් වරයාගෙන් ලබාගත හැක.
- දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
i) මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
ii) අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
- එවැනි නෑදෑයකු නොමැතිවූ විට,
i)මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු
- එවැනි නෑදෑයකු නොමැතිවූ විට,
i)මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
ii)මරණය සිදුවූ ගෙදර පදිංචිකරු
- ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට
i)මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
- මරණය සිදු වී මාස 03ක් ඇතුලතදී මරණය ලියාපදිංචි කරවා ගත හැක.
- මරණය සිදු වී මාස 03කින් පසුවද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
මහ රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
1.මරණය ලියාපදිංචි කර ගැනීම සඳහා මරණය සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාට දැනම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
iii.රෝහලේ වෛද්‍ය නිලධාරී
3.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය
4.ඉදිරිපත් කළයුතු ලියවිලි
i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
පෞද්ගලික රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
1.මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ
පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
iii.රෝහලේ වෛද්‍ය නිලධාරී
මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය. ඉදිරිපත් කළයුතු ලියවිලි,
i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
ග්‍රාමීය රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
1.මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ
ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
iii.රෝහලේ වෛද්‍ය නිලධාරී
මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය.
ඉදිරිපත් කළයුතු ලියවිලි,
i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
මරණ ලේඛණයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම
අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ පහත සඳහන් පුද්ගලයන්ගෙන් කෙනෙකු විසිනි.
සිද්ධිය ලියාපදිංචි කිරීම පිණිස ආරංචි සැපයු පුද්ගලයා
කාරණය පිළිබඳව සත්‍යතාවය දන්නා විශ්වාස කටයුතු පුද්ගලයා
මරණ ලේඛණයක ලියාපදිංචි කිරීමේ දිනය හැර අනිකුත් සියළුම තොරතුරු සංශෝධනය කළ හැකිය.
ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු ගාස්තුව රු. 50.00 කි.
ප්‍රකාශ පත්‍රය සමඟ ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්න.
මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම.
අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
අයකරනු ලබන ගාස්තු,
I.මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
II.මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
III.අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයට ගෙවන්න.
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය රෙජිස්ට්‍රාර් අංශයට වෙත භාර දෙන්න.
මරණ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
මරණ ලියාපදිංචි වී තිබේ නම්, මරණ සහතිකයක් යවනු ලබන අතර මරණය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.
36 වගන්තිය යටතේ කල් ගතවු මරණයක් ලියාපදිංචි කිරිම
- ඉල්ලීම් ලිපිය
- අදාළ අයදුම්පත (මෙම කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක .රෙජිස්ට්‍රාර් අංශය මගින් ලබාගත හැකිය)
- රෝහල් මරණ වාර්තාව/ ග්‍රාම නිලධාරී මරණ වාර්තාව /වතු මරණ වාර්තාව
- දිවුරුම් ප්‍රකාශය
- ග්‍රාම නිළධාරී වාර්තාව
- අයදුම්පත ඉදිරිපත් කරන්නා හා මරණයට පත්වූ තැනැත්තා අතර සම්බන්ධතාවය තහවුරු කරන සාක්ෂි
- මරණයට භාණ්ඩ ලබාගත් විස්තර බිල්පත් ආදිය
- මරණ දැන්වීම් (පුවත්පත් හෝ ප්‍රදර්ශනයට සකස් කරන ලද)
- ආගමික කටයුතු කළ බවට අදාල ලිපි
- මරණාධාර ලබාගත් බවට සාක්ෂි සටහන්
- අවමංගල්‍යයට සහභාගි වූ ප්‍රභූවරුන්ගෙන් අසල්වාසින්ගෙන් ලබාගත් ලිපි
(ඉහත සියලුම සහතිකවල මුල් පිටපත් හා සහතික කල පිටපත් සමග)
ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු. 50.00
විවාහ ලියාපදිංචි කිරිම
විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම
- පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.
- විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
- දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය,
1. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
2. සාමදාන විනිශ්චයකරුවකු
3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
4. දේවගැතිතුමකු - විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
1.පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම.
i. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම.
ii. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
iii. පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
iv. දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම.
3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව.
4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව.
- විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
- කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම
- ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.
- විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
- දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
1. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
2. සාමදාන විනිශ්චයකරුවකු
3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
4. දේවගැතිතුමකු
- විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
1.පාර්ශවකරුවන අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම.
i. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම.
ii. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
iii. පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
iv. දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම.
3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව.
4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව.
- රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්රාර්ගෙන් “ලේකම්තැනගේ සහතික පත්‍රය” ලබා ගන්න. රු.750/= ක් මුදලින් ගෙවීම් කළ යුතුය.
- එම ලේකම්තැනගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කරන්න.
විවාහ ලියාපදිංචි කිරිම සඳහා අයකරන ගාස්තු ප්‍රමාණයන්
- විවාහ දැන්වීමක් භාරදීම සඳහා - රු.200/=
- දැන්වීම් භාර දී දින 14 ක් ගතවී ඇති විට කාර්යාලයේදී විවාහයක් සිදුකිරීම සදහා - රු. 750/=
- දැන්වීම් භාර දී දින 14 ක් ගතවී නොමැති විට කාර්යාලයේදී විවාහයක් සිදුකිරීම සදහා - රු.950/=
- දැන්වීම් භාර දී දින 14 ක් ගතවී ඇති විට කාර්යාලයෙන් පිටත දී විවාහයක් සිදුකිරීම සදහා - රු.800/=
- දැන්වීම් භාර දී දින 14 ක් ගතවී නොමැති විට කාර්යාලයෙන් පිටත දී විවාහයක් සිදුකිරීම සදහා - රු. 1000/=
උඩරට විවාහ දික්කසාද අයදුම්පත්‍ර මත කටයුතු කිරීම
උඩරට විවාහ දික්කසාද අයදුම්පත්‍ර මත කටයුතු කිරීම
පහත කරුණු එකක් හෝ කිහිපයක් හෝ මත උඩරට විවාහයක් දික්කසාද කිරීම සඳහා අයදුම් කල හැකිය
- විවාහයෙන් පසු භාර්යාව අනාචාරයේ හැසිරීම
- පුරුෂයා අනාචාරයේ හැසිරීම හා ඔහුගේ ව්‍යාභිචාරය නැතහොත් අති කෲර තාවය
- භාර්යාව විසින් අවුරුදු දෙකක් නොකඩවා සම්පූර්ණ ලෙස පුරුෂයා අත්හැර දැමීම
- පුරුෂයා විසින් අවුරුදු දෙකක් නොකඩවා සම්පූර්ණ ලෙස භාර්යාව අත්හැර දැමීම
- දෙදෙනාටම ප්‍රීතිමත් ලෙස එක්ව ජීවත් වන්නට නොහැකිවීම (අවුරුද්දක කාලසීමාවක් සංවාසයෙන් හා නිවෙසින් ආහාර ගැනීමෙන් තොර වී සිටීම මේ පිළිබඳ පරීක්ෂණයක වන්නේය)
අනුමාන වයස් සහතික නිකුත් කිරීම
අනුමාන වයස් සහතික නිකුත් කිරීම
අරමුණ.
ලිඛිත සාක්ෂි නොමැති උපතක් නිත්‍යානුකූල කිරීම.
අවශ්‍ය සුදුසුකම් / අදාළත්වය
- I. උපත ලියාපදිංචි වී නොමැති බව තහවුරු වීම
- II. කොට්ඨාසය තුළ පදිංචි වී සිටීම
අවශ්‍ය ලිපිලේඛන
- I. 24 වගන්තිය යටතේ වූ ප්‍රකාශ පත්‍රය ( ලි.ප. ආ.06)
- II. උපත ලියාපදිංචි වී නොමැති බවට ලේඛන සෙවීමේ ප්‍රතිඵලය
- අනුමාන වයස පිළිබඳ වෛද්‍ය වාර්තාව
- ප්‍රදේශයේ පදිංචි බවට ග්‍රාම නිලධාරී වාර්තාව
- විවාහ සහතිකය හෝ සහෝදර සහෝදරියන් / දරුවන්ගේ උප්පැන්න සහතිකය
- III. දිවුරුම් ප්‍රකාශ සහ කරුණු සනාථ කරගත හැකි වාර්තා
අයදුම්පත්
හැඳුනුම්පතක් ලබාගැනීම
මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්
(අ) ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියෙකු විය යුතුය.
(ආ) වයස අවුරුදු 15 සම්පූර්ණ විය යුතුය.
අයදුම්පතක් ලබා ගැනීම
හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අයදුම්පත මෙතනින් බාගත කරන්න.
- අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධාරී
- වතු පදිංචිකරුවන් අදාළ වතු අධිකාරී
- පාසල් අයදුම්කරුවන් අදාළ පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවේණාධිපති
ඒ අනුව තමා ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග අයදුම්පත ලබාගත් ඉහත සඳහන් නිලධාරින් වෙතට භාරදිය යුතු වේ.
මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන.
- සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.1 ආකෘති පත්‍රය (සුදු පාට හෝ සුදු පාටට හුරු)
- අයදුම්කරු වයස අවු. 50 ට අඩුනම් අනිවාර්යයෙන්ම උප්පැන්න සහතිකය හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන අනුමාන වයස් සහතිකය
- අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කරන අයදුම්කරුවකු සඳහා උපන්දිනය වශයෙන් සලකනු ලබන්නේ අනුමාන වයස් සහතිකයෙහි සඳහන් වර්ෂයෙහි ජුලි මස පළමු දිනයයි.
(අයදුම්කරුගේ වයස අවු. 50 ට වැඩිනම් ද, උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැතිනම් පමණක් ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන හා උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක් හෝ වැඩි ප්‍රමාණයක්ඉදිරිපත් කළ යුතුය.) - පාසල් හැරයාමේ සහතිකය.
- බෞතිස්ම සහතිකය.
- අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
- උප්පැන්න සහතිකයේ උපුටාගත් කොටස
- ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
- වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
- ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
- වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
- ජන්ම පත්‍රය (හඳහන)
- විදේශයක උපත ලද්දකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය සහ එහි ඡායා පිටපත.
- අයදුම්කරු විවාහක කාන්තාවක් වන විට ස්වාමිපුරුෂයාගේ නම ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත.
- 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 5 ක්
- තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්),
වෘත්තීයමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරි , නීතීඥ , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය. - පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය
විදේශ රැකියා අංශය
විදේශ රැකියා අංශයෙන් විගමණික ප්‍රජාව වෙත සැපයෙන සේවාවන්
1) ශ්‍රමික සුරැකුම යටතේ ව්ගමණික පවුල් ලියාපදිංචි කිරිම හා ඹහුන් වෙනුවෙන් සමාජ වාර්තා සකස් කොට සෑම පවුලක් සදහාම ලිපි ගොනුවක් අරඹා පවත්වාගෙන යාම.
2) පවුල් පසුබ්ම් වාර්තාවන් ලබා ගැනීම සදහා අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම් පත
- පදිංචි සහතිකය
- දරුවන් පිළිබද විස්තර
- විවාහය සම්බන්ධ විස්තර
- භාරකරු සම්බන්ධ විස්තර
- විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්
- එසෙම පවුල් පසුබිම් වාර්තා අයදුම් පත්‍රය මෙම www.slbfe.lk වෙබ් අඩවියෙන් බාගත කිරීමට හැකිය.
3) විගමනික පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනැමීම.
- ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සදහා රු:15000
- අ:පො:ස:(සා:පෙල:) සමත් දරුවන් සදහා
- අ:පො:ස:(උ:පෙල:) සමත් දරුවන් සදහා(විශ්ව විද්‍යාල වරම් ලැබූ) රු:30000
- මෙම ශීෂ්‍යත්ව ලබා දීමට අදාළ ඉල්ලුම් පත් වාර්ෂීකව වසර ආරම්භයේ ජනවාරි මස පුවත්පත් වල පල වන අතර www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක. එමෙන්ම කොලොන්න ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශය මගින්ද අදාළ තොරතුරු ලබා ගත හැක.
4) නිති විරෝධී විදේශ ගතවීම් නතර කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම
5) විදේශ ශ්‍රමිකයන්ට රැකියාව කරගෙන යාමේදී ඇති වන විවිධාකාර ගැටලු නිරාකරණයට මැදිහත් වීමට කටයුතු කිරීම- විශේෂයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවාවන් ලබා දිම සදහා අවශ්‍ය ප්‍රාදේශීය මැදිහත් වීම් ලබා දෙනු ලැබේ.
- විදේශ රැකියා අංශය
- සම්පත් -0711836807
- තිසේරා -0711836949
- නිලානි -0711837105
6) පාසල් මට්ටම්න් මෙන්ම දෙමාපියන් දැනුවන් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම(ළමයින්ගේ අධ්‍යාපන,සෞඛ්‍ය,රැකවරණය, ගෘහ කළමණාකරණය,මත් ද්‍රව්‍ය නිවාරණය ආදී කාරණා සම්බන්ධව)
7) විගමණික ප්‍රජාව පසුවිපරම් සිදු කරමින් එම පවුල්වලඅවශ්යතා හා ගැටලු හදුනාගෙන පවුල් සංවර්ධන සැළසුම් හා රැකවරණ සැළසුම් සකස් කිරීම හා අධීක්ෂණය කිරීම.
8) විදේශ රැකියා කෙෂ්ත්රය සදහා පුහුණු ශ්‍රමිකයන් හදුනා ගැනීම හා විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීම














