විශ්රාම වැටුප් අංශය තුලින් විශ්රාමික ප්රජාව වෙත සිදුකරනු ලබන කාර්යයන්
සිවිල් හා හමුදා විශ්රාම වැටුප් කාර්යයන්
- විශ්රාම වැටුප් ලිපිගොනුව ලද පසු විශ්රාමික ප්රකාශ පත්රය හා ග්රාම නිලධාරී වාර්තා ලබාගැනීම.
- විශ්රාම ගොස් වසර දහය සම්පූර්ණ වූ පසු දස අවුරුදු වැටුප් සංශෝධනය කිරීම හා වෙනත් විශ්රාම වැටුප් සංශෝධන සිදු කිරීම.
- විශ්රාමිකයා මියගිය පසු මාසික විශ්රාම වැටුප් උරුම කරුවන් වෙත ගෙවීම් කිරීම.
- විශ්රාම වැටුප් විෂමතා ඉවත් කිරීම.
වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්රාම වැටුප් කාර්යයන්
- විශ්රාමිකයා මිය ගිය පසු වැන්දඹුව / වැන්දඹු පුරුෂයා වෙත වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්රාම වැටුප් සැකසීම.
- මව පියා දෙදෙනාම නොමැති අවස්ථාක දී අවුරුදු 26 ට අඩු රැකියා විරහිත දරුවන් වෙත අනත් දරු විශ්රාම වැටුප් සැකසීම.
- ආබාධිත විශ්රාම වැටුප් ගෙවීමට අදාල මූලික පරීක්ෂණ සිදු කිරීම.
- වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අනත් දරුවන්ගේ බැංකු පොත් නිදහස් කිරීම.
පොදු කාර්යයන්
- විශ්රාමිකයන් සඳහා දුම්රිය බලපත්ර නිකුත් කිරීම.විශ්රාමිකයන් වෙත වාර්ෂිකව දුම්රිය බලපත්ර කට්ටල තුනක් නිකුත් කිරීම කරනු ලබයි.
- වාර්ෂික පදිංචි සහතික ලබා ගැනීම.
- වැටුප් වාර්තා ලබා ගැනීම.
ගොවි විශ්රාම වැටුප්
ගොවි විශ්රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනා ක්රමය හැදින්වීම
1987 අංක 12 දරණ ගොවි විශ්රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්රම පනතේ 2014 අංක දරණ ගොවි විශ්රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්රම නියෝග අනුව ක්රියාත්මක වේ.
යෝජනා ක්රමයට දායක වීම සඳහා සුදුසුකම්
- ශ්රී ලංකාවේ පුරවැසියකු වීම.
- වයස අවුරුදු 18-59 අතර වීම.
- ඉඩම් හිමියකු, බදුකරුවකු, අඳ ගොවියකු, හිමිකරුවකුගේ අයිතිය යටතේ වගාකරන්නකු සහ ගොවිජන සංවර්ධන පනත හෝ ඉඩම් ආඥා පනත යටතේ බලය ලත් නිලධාරියෙකු විසින් ගොවියකු වශයෙන් තහවුරු කරන තැනැත්තෙකු හෝ කෘෂිකාර්මික කම්කරුවකු වීම.
- විශ්රාම වැටුපකට හෝ අර්ථසාධක අරමුදල යටතේ ප්රතිලාභ ලබන්නකු නොවීම.
යෝජනා ක්රමය යටතේ ලබා දෙන ප්රතිලාභ
- රු. 50000/= ජීවිත රක්ෂණ රැකවරණය මත රු. 25000/= මරණ පාරිතෝෂිතයක්, රු. 50000/= දක්වා වූ බෙලහීන ප්රතිලාභ. මෙම ප්රතිලාභ සහිතව ගෙවූ වාරික මුදල් සහ පොළිය ආපසු ගෙවනු ලැබේ.
-
වයස මාසික විශ්රාම වැටුප(රු) 60-63 1000/= 64-70 1250/= 71-77 2000/= 77 හෝ වැඩි 5000/= - අවමය රු.1000/= සිට උපරිමය රු.5000/= දක්වා වූ විශ්රාම වැටුපක්
- නිසි පරිදි දායක මුදල් නොගෙවීම හේතුවෙන් දායකත්වය අවලංගු වී ඇති දායකයින්ට නව විශ්රාම වැටුපට දායක වීම සඳහා සහන.
- ගොවියකුට මාසිකව, අර්ධ වාර්ෂිකව හෝ එක්වර මුදල් ගෙවීමෙන් යෝජනා ක්රමයේ දායකත්වය ලබා ගත හැක.














