
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස 2017 වසරේ සිට මේ දක්වා වසර 06කට අධික කාලයක් රාජකාරි කටයුතු කළ අමිල විජේරත්න මහතා ධූරයෙන් සමුගැනීම වෙනුවෙන් පැවැත් වූ හරසර උළෙල ඊයේ (2024.02.02) දින කාර්යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණ.
2023.09.21 දින රත්නපුර දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස රාජකාරි ආරම්භ කිරීමෙන් පසු කොලොන්න ප්‍රාදේශීය ලේකම් ධූරයෙරි වැඩ බැලීම ද ඔහු විසින් මේ දක්වා සිදු කරන ලදි.
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභාත් වීරකෝන් මහතාගේ මගපෙන්වීම යටතේ කාර්ය්මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම අවස්ථාවට කොලොන්න ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී කුඹුරුගමුවේ ඉන්දසාර හිමිපාණන් වහන්සේ, කොලොන්න මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ , විදුලි අධිකාරී, කොලොන්න සහ සූරියකන්ද පොලිස්ථානවල ස්ථානාධිපතිවරුන්, කොලොන්න ප්‍රාදේශීය සභා ලේකම්, ලංකා බැංකු කොලොන්න ශාඛාවේ කළමනාකරු, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කොලොන්න ශාඛාවේ කළමනාකරු, රෙජිස්ට්‍රාර්වරු, ස්වේච්ඡා සංවිධාන නායකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් සහභාගි විය.
මෙම අවස්ථාව සැමරීම හා ජාතික රුක්රෝපන දිනය අරමුණු කරගනිමින් ඖෂධ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලද අතර, පරිසර සංරක්ෂණය සඳහා කළ කැපවීම අගයනු වස් උත්සව සභාවේ පහන විශේෂ නිර්මාණාත්මක ආකෘතියක් යටතේ සකසා තිබූණි. නැටුම් ගැයුම්වලින් ද මෙම අවස්ථාව විචිත්‍රවත් විය.














