

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2020-2022 ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.එම්.පී.එම් වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.09.20 දින කොලොන්න ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී 2020 සහ 2021 වර්ෂවල ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් සාහිත්‍ය තරඟ සදහා ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබු ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 37 සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්රදානය කිරීම සිදුවූ අතර සංස්කෘතික සහ කලා අංග රැසකින් උත්සව සභාව වර්ණවත් කෙරිණි.














