

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමාජ සේවා අංශයේ නිලධාරීන්ගේ සංවිධානයෙන් සහ පළාත් සමාජ සුබසාධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන හා ග්‍රාමීය කමිටු වල සාමාජිකයින් ගේ දායකත්වයෙන් වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත වුවන්ගේ බක් මහ උලෙල 2024.04.24 වන දින කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සාර්ථක ලෙස පවත්වන ලදී.
මෙහිදී බැලුම් පිපිරවීම, වාසනා මුට්ටිය බිදීම, පොල් අතු විවීම, අලියට ඇස තැබීම, තොප්පි මාරු කිර්‍ර්ම, සංගීත පුටු තරගය ආදී ජන ක්‍රීඩා රැසක් පැවැත්වූ අතර මේ සඳහා දායකත්වය දැක්වූ, සහයෝගය හා සහභාගිත්වය ලබා දුන් සියලුම දෙනා වෙත කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවිධායක මණ්ඩලයේ ප්‍රණාමය...















