
කොලොන්න ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභිනව ප්රාදේශීය ලේකම්වරිය ලෙස තුෂාරි ප්රියංකා වීරසිංහ මහත්මිය අද දින (2024-02-20) වැඩ අරඹන ලදී.
ශ්රී ලංකා පරිපාලන සේවයේ තනතුරු කිහිපයක්ම හොබවා ඇති එතුමිය ප්රාදේශීය පරිපාලනය තුළ වසර 11 ක පමණ අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරිනියකි.
කොලොන්න ප්රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගැනීමට පෙර එතුමිය දෙහිඅත්තකණ්ඩිය ප්රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන ලදී.
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද රාජකාරී කටයුතු ඇරඹි එතුමිය වෙනුවෙන් චාම් උත්සව සභාවක්ද පැවැත්විණි.
කොලොන්න කොට්ඨාශයේ සමස්ත ප්රජාව වෙත උසස් සේවාවක් ලබා දෙමින් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට එතුමියට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා....!















