ullinduwawa01 02 11

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, උල්ලිඳුවාව ග්‍රාම නිලධාරී වසමේ, ගිං ගඟ ජල පෝෂක කලාපයේ රුක් රෝපණ ව්‍යාපෘතියක් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් පත්වාගෙන එන ලදී. ඒ අනුව 74 වන නිදහස් දිනයට සමගාමීව මෙහි තව දුරටත් ඉතිරිව තිබූ භුමි ප්‍රදේශයන් තුල රුක් රෝපණය කර අවසන් කිරීමේ සුවිශේෂී අවස්ථාව  2022.02.10 දින කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ ආරාධනයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් උල්ලිඳුවාව ගිං ගඟ අසලදී පැවැත්විණි.

කොලොන්න ප්‍රාදේශීය ලේකම්තුමාගේ මුලිකත්වයෙන් 2019 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය තුළින් මේ වන විට පුවක්, රඹුටන්, කටු අනෝදා, මී, කුඹුක්, වෙරළු, නා, කොස්, ඉඹුල්, දොඹ, තිඹිරි වැනි ශාක 7000 කට වැඩි ප්‍රමාණයක් රෝපණය කර ඇත. රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන මෙන්ම පරිසරයට ආදරය කරන විවිධ ස්වෙච්චා කණ්ඩායම් වලද සහයෝගය සහිතව ඉදිරියට පවත්වාගෙන ආ මෙම වැඩසටහන, රුක් රෝපණයට පමණක් සීමා නෙවෙමින් රෝපණ කල පැළ, ඵල දරන ශාක බවට පත් වන තෙක් රැක බලා ගැනීමටද කටයුතු කර ඇත.

කොලොන්න ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රමුඛ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙන්ම මේ සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කල සියලු දෙනා රත්නපුර දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් බෙහෙවින්ම අගය කළාය. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් සහභාගී විය. 

குடியுரிமை சாசனம்

Scroll To Top