73 වන අභිමානවත් නිදහස් සැමරුමට සමගාමීව කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිදහස් සැමරුම් වැඩසටහන ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් , කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2021-02-04 දින පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමා විසින් අභිමානවත් ජාතික ධජය ඔසවා 73 වන නිදහස් සැමරුම පිළිබඳව කෙටි දෙසුමකින් නිදහස් දින සැමරුම් වැඩසටහන ආරම්භ කරන ලද අතර ඉන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් සහ සියළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක්ද පවත්වන ලදී.

குடியுரிமை சாசனம்

Scroll To Top