සාම්ප්‍රධායික කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් එකතුව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද දින (2020-06-29)කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබුවා.
කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ හමුවේදී ප්‍රදේශයේ කිතුල් කාර්මිකයන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සහ කිතුල් කර්මාන්තයේ හෙට දවස පිළිබඳව කිතුල් කාර්මිකයන්ගේ අදහස් විමසීමට ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් වැඩි අවස්තාවක් ලබාදෙනු ලැබුවා.
මෙහිදී තෝරාගත් ව්‍යවසායකයන් සඳහා තම කර්මාන්තයේ ඉදිරි කටයුතු සඳහා මුල්‍ය ප්‍රදානයන් ද සිදු කරනු ලැබුවා.මේ අවස්තාවට ප්‍රාදේශීය ලේකම්තුමන් ,සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ගාමිණි ජයවර්ධන මහතා,සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරී PW හේමන්ත මහතාද සහභාගී වූ අතර වැඩසටහන සංවිධානය කලේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් විසිනි.
සාම්ප්‍රධායික කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් පැවති වැඩසටහන 2020-06-29















